Galaxy Phone වලට ආපු අමුතු notification එක මෙන්න - TechBro

TechBro

Latest technology documentary

Galaxy Phone වලට ආපු අමුතු notification එක මෙන්න

Share This


Image Copyright: abcnews.go.com
ඊයේ දිනයේදී කුතුහලය දනවන ආකාරයේ notification එකක් ලොව පුරා Galaxy දුරකථන භාවිතා කරන්නන්ට Samsung “Find My Mobile” සේවාව හරහා ලැබී තිබෙනවා. පරිශීලකයින් කිහිප දෙනෙකු විසින් වාර්තා කරන ආකාරයට මෙය “1” ඉලක්කම් දෙකක්, එකිනෙකට පහළින් පිහිටන ලෙස පෙන්නුම් කර තිබෙනවා. කෙසේ නමුත් මෙම සිද්ධියෙන් පැය කිහිපයකට පසු Samsung සමාගම පැවසුවේ අභ්‍යන්තර පරීක්ෂණයකදී නොදැනුවත්වම එම පණිවිඩ යවා ඇති බවයි.


Image Copyright: The Verge
“Find My Mobile” සේවාව හරහා Samsung උපාංගවල හිමිකරුවන්ට ඔවුන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනය හෝ ටැබ්ලටය දුරස්ථව සොයා ගැනීමට හෝ අගුළු දැමීමට, උපාංගවල ගබඩා කර ඇති දත්ත Backup කිරීමට, දත්ත මකා දැමීමට සහ Samsung Pay වෙත පිවිසීම අවහිර කිරීමට හැකියාව තිබෙනවා.




@SamMobiles @SamsungHelpUK @SamsungMobile hi, any idea what is happening here to seemingly every Samsung phone in the world?
Recently, a notification about “Find My Mobile 1” occurred on a limited number of Galaxy devices. This was sent unintentionally during an internal test and there is no effect on your device. We apologize for any inconvenience this may have caused our customers. ^LF

Samsung Tweet Message

එක් වරම මෙවැනි notification එකක් ලැබීමෙන් පරිශීලකයන් තැතිගැන්මට පත්වුවත් මෙවැනි තාක්ෂණික ගැටළු සිදුවීම සාමන්‍ය දෙයක්. කොහොම වුවත් මෙම ගැටලුව සිදුවී කෙටි වේලාවකට පසුව Samsung සමාගම ” Samsung Help Uk ” Twitter ගිණුම හරහා පරිශීලකයන් දැනුවත් කර අතර එම notification එක නොදැනුවත්ව සිදුවූවක් බවත් එමඟින් Devices වලට කිසිඳු බලපෑමක් ඇති නොවන බවත් ප්‍රකාශ කර සිටියා.

No comments:

Post a Comment

Pages

Copyright © 2019 Tech Location BD. All Right Reserved